මෙයා කවුද මේව උගන්නන්න...?


ලියන්නෙ කොහොම කෙනෙක්ද..? මොනවද මෙයාට තියෙන සුදුසුකම්...?

ප්‍රොෆා ප්‍රථම උපාධිය කළේ පරිගණක විද්‍යාවෙන්. ප්‍රොෆා පොඩි කාලෙම ඉඳල ආස ඉලෙක්ට්‍රොනික්, යාන්ත්‍රික පද්ධති වලට වුනත් මොරටු යන්න (ලී ඉරන්න නොවෙයි) ලකුණු මදි වෙච්ච නිසා හිත හදාගෙන මේක කළා. අපරාදේ කියන්න බෑ ප්‍රොපාට අපූරු අවස්ථාවක් හම්බවුනා කැම්පස් එකෙන් පරිගණක උපාධිය කරන් ගමන්ම සමාන්තර විශේෂ උපාධි පාඨමාලාවක් වුනු මිකාට්‍රොනික්ස් (Mechatronics = Mechanical Engineering + Electronics) පාඨමාලාවේ විෂයයන් ඉගෙන ගන්න. ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ප්‍රොෆා තමන්ගෙ ආසාව වෙච්ච ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය වගේ ඒව හොඳට ඉගෙන ගත්ත. ඒ විතරක් නෙමෙ ජෛව තොරතුරු තාක්ෂණය, ජාන ඉංජිනේරු විද්‍යාව වගේ අපූරු විශයනුත් ඉගෙනගන්න දුර්ලභ වාසනා ගුණය තිබුණ.

මේ අතරෙ පූර්ණ කාලීන ආධුනික පර්යේෂණ විද්‍යාඥයෙක් (Research Scientist) විදියට කාලයක් පුහුණුවෙන්න ප්‍රොෆාට අවස්ථාවක් දුන්න ආතර් සී. ක්ලාක් ආයතනය. 

ඊට පස්සෙ සවි ශක්තිය තියෙන තරුණ කාලෙ කීයක් හරි හොයාගන්න ඕන කියල හිතල ප්‍රොෆා විශ්ලේශන ක්‍රමලේඛක (Analyst Programmer) විදියට පුද්ගලික මෘදුකාංග සමාගමක සේවයට බැඳුනා. වැඩි දවසක් යන්න කළින් දක්ෂතා හා උපාධියේ පන්ති සාමාර්ථය නිසා ප්‍රොෆාට මෘදුකාංග ඉංජිනේරු (Software Engineer - SE) ලෙස පත්වීම ලැබුණා. ඉතාමත්ම දැඩි කැපවීම මත, දිනකට පැය 18ක් විතර වැඩ කරල ප්‍රොෆාට බොහොම කෙටි කාලයක් තුළ උසස්වීම් කිහිපයක්ම ගන්න පුළුවන් වුනා. ජෙ‍යේෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු (Senior SE - SSE) තනතුරට එහා තාක්ෂණික ප්‍රධානී (Team/Tech Lead), ව්‍යාපෘති අධ්‍යක්ෂ (Project Manager) යන වගකීම් කරට ගන්නත් හැකි වුනා. පෞද්ගලික මට්ටමෙන් වෙච්ච යම් යම් සිත් තැවුල් නිසා ක්ෂේත්‍රය ගැන කළකිරිච්ච ප්‍රොෆා එතැනින් අයින් වෙලා අගනුවර සරසවියක ආධුනික උපදේශකයෙක් (Instructor) විදියට ආචාර්ය මණ්ඩලයට බැඳුනා. 

මේ ක්ෂේත්‍රය සෑහෙන්න ප්‍රොෆාට හිතට අල්ලලා ගියා. ලංකාවේ නිසා වැටුප අඩු වුනත් පර්යේෂණ කරන්න අවස්ථාවන් ලැබෙන නිසාත්, දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් ආශ්‍රය කරන්න ලැබෙන නිසාත්, නිදහස් අධ්‍යාපනයෙන් උගත් දෙයින් රටට සේවයක් කරන්න හැකි නිසාත් මෙහි දිගටම ඉන්න තමයි ප්‍රොෆාගෙ අදහස. දැනට ප්‍රොෆා රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය (Lecturer) තනතුරක් හොබවනවා. හැබැයි තාමත් ඇත්තටම ප්‍රොෆෙසර් වුනේ නැහැ. ආචාර්ය උපාධියට තාම ඉගෙන ගනිමිනුයි ඉන්නෙ. 

පස්සෙ කාලෙ ප්‍රොෆාට මුළදි මගහැරුණු අවස්ථාවත් උදාකරගන්න පුළුවන් වුනා. ඒ අනුව ප්‍රොෆා පචාස් උපාධි වලට ඉහත සඳහන් කරපු ඒව ඉගෙනගන්න එක වැඩිදුරටත් කරගෙන ගියා. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) වගේ මැත(Computational Mathematics) පැත්තට බර සංකීර්ණ විෂයනුත් බොහොම උනන්දුවෙන් ඉගෙන ගත්ත. iJSER (International Journal of Scientific and Engineering Research) වගේ ජාත්‍යන්තර ඉංජිනේරු විද්‍යා සඟරා වලට යවපු පර්යේෂණ පත්‍රිකා යළි සංස්කරණය කරන්නෙ නැතුවම පළ කරන්න තෝරගෙන තිබුණ. පස්සෙ ප්‍රොෆා IEEE (Institute of Electrical and Electronics Engineers) සංගමයෙ වෘත්තීය ශ්‍රේණියෙ විද්‍යුත් ඉංජිනේරුවරයෙක් (රොබෝ තාක්ෂණය) වශයෙන් සාමාජිකත්වය ගත්ත.

විශේෂඥ උපදේශකයෙක් (Consultant) විදියට  ප්‍රොෆාගෙ සේවය දෙන්න කියල සමාගම් කිහිපයකින්ම ආරාධනා ලැබිල තියෙනව. තාම ඒ ඉල්ලීම්  සලකා බලමිනුයි තියෙන්නෙ. 
සල්ලිවලට දෙන්න කළින් ඒ දේ ඔබට නොමිලෙම දෙන්න පුළුවන්නම්   ප්‍රොෆා වඩා කැමති. මේ උත්සාහය ඒකටයි.

4 comments:

  1. i like to be like you and i respect you thanks sir help us with your knowledge - shiwantha sandamal

    ReplyDelete
    Replies
    1. sHIWANTHA SANDAMAL :o YOU LITTLE BASTARD GOTCHA!

      Delete
  2. sirla wagee aya aduyi godak aya balanne lankawen yanna,naththam private uni wala uganwanna yanna.bohoma sathutuyi sir gana

    ReplyDelete
  3. සර් වගේ නිහතමානී පුද්ග‍ලයෝ මේ රටට වාසනාවක්..
    බුදු සරනයි..

    ReplyDelete