Wednesday, September 19, 2012

ප්‍රොෆා කියන්නෙ කවුද?

ප්‍රොෆෙසර්, ලේසියට ප්‍රොෆා, ඒ මෙතුමගෙ කැම්පස් එකේ කාඩ් එක (අන්වර්ථ නාමය). කැම්පස් එක කිව්වම ඉතින් කාගෙත් ඔළුවට එන්නෙ තමන් ප්‍රථම උපාධිය හදාරන්න ඉස් ඉස්සෙල්ලම කැම්පස් එකකට කියල යන එකනේ. (සමහර අයට ප්‍රථම උපාධිය ජීවිතේ අවසන් උපාධිය උනත් ප්‍රොෆාට එහෙම වුනේ නෑ. ලොකු ටෝක් දෙනවා නෙමෙයි, 'ප්‍රථම' කියල විශේෂණයක් දාන්න සිද්ධවුන හේතුවයි කිව්වෙ.) එතකොට ඒ කාලෙ ශිෂ්‍යයෙක් වුනු මෙයාට ඇයි එහෙම කිව්වෙ කියල කට්ටිය හිතනව ඇති. එහෙම වුනේ මෙතුමගෙ පෙනුම වයසට වඩා මුහුකුරා ගිය හින්දයි, 'කඩ්ඩ' බැරි නිසා ඇත්තම ප්‍රොෆාලගෙ දේශන තේරුම් ගන්න බැරි වුන අහිංසක යාළුවන්ට 'කුප්පි' දාපු හින්දයි.

ඉතින් කොහොමහරි ප්‍රොෆා ප්‍රථම උපාධිය කළේ පරිගණක විද්‍යාවෙන්. ප්‍රොෆා පොඩි කාලෙම ඉඳල ආස ඉලෙක්ට්‍රොනික්, යාන්ත්‍රික පද්ධති වලට වුනත් මොරටු යන්න (ලී ඉරන්න නොවෙයි.) ළකුණු මදි වෙච්ච නිසා හිත හදාගෙන මේක කළා. අපරාදේ කියන්න බෑ ප්‍රොපාට අපූරු අවස්ථාවක් හම්බවුනා කැම්පස් එකෙන් පරිගණක උපාධිය කරන් ගමන්ම සමාන්තර විශේෂ උපාධි පාඨමාලාවක් වුනු මිකාට්‍රොනික්ස් (Mechatronics = Mechanical Engineering + Electronics) පාඨමාලාවේ විෂයයන් ඉගෙන ගන්න. ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ප්‍රොෆා තමන්ගෙ ආසාව වෙච්ච ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය වගේ ඒව හොඳට ඉගෙන ගත්ත. ඒ විතරක් නෙමෙ ජෛව තොරතුරු තාක්ෂණය, ජාන ඉංජිනේරු විද්‍යාව වගේ අපූරු විශයනුත් ඉගෙනගන්න දුර්ලභ වාසනා ගුණය තිබුණ.

මේ අතරෙ පූර්ණ කාලීන ආධුනික පර්යේෂණ විද්‍යාඥයෙක් (Research Scientist) විදියට කාලයක් පුහුණුවෙන්න ප්‍රොෆාට අවස්ථාවක් දුන්න ආතර් සී. ක්ලාක් ආයතනය. 

ඊට පස්සෙ සවි ශක්තිය තියෙන තරුණ කාලෙ කීයක් හරි හොයාගන්න ඕන කියල හිතල ප්‍රොෆා විශ්ලේශන ක්‍රමලේඛක (Analyst Programmer) විදියට පුද්ගලික මෘදුකාංග සමාගමක සේවයට බැඳුනා. වැඩි දවසක් යන්න කළින් දක්ෂතා හා උපාධියේ පන්ති සාමාර්ථය නිසා ප්‍රොෆාට මෘදුකාංග ඉංජිනේරු (Software Engineer - SE) ලෙස පත්වීම ලැබුණා. ඉතාමත්ම දැඩි කැපවීම මත, දිනකට පැය 18ක් විතර වැඩ කරල ප්‍රොෆාට බොහොම කෙටි කාලයක් තුළ උසස්වීම් කිහිපයක්ම ගන්න පුළුවන් වුනා. ජෙ‍යේෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු (Senior SE - SSE) තනතුරට එහා තාක්ෂණික ප්‍රධානී (Team/Tech Lead), ව්‍යාපෘති අධ්‍යක්ෂ (Project Manager) යන වගකීම් කරට ගන්නත් හැකි වුනා. පෞද්ගලික මට්ටමෙන් වෙච්ච යම් යම් සිත් තැවුල් නිසා ක්ෂේත්‍රය ගැන කළකිරිච්ච  ප්‍රොෆා එතැනින් අයින් වෙලා අගනුවර සරසවියක ආධුනික උපදේශකයෙක් (Instructor) විදියට ආචාර්ය මණ්ඩලයට බැඳුනා. 

මේ ක්ෂේත්‍රය සෑහෙන්න ප්‍රොෆාට හිතට අල්ලලා ගියා. ලංකාවේ නිසා වැටුප අඩු වුනත් පර්යේෂණ කරන්න අවස්ථාවන් ලැබෙන නිසාත්, දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් ආශ්‍රය කරන්න ලැබෙන නිසාත්, නිදහස් අධ්‍යාපනයෙන් උගත් දෙයින් රටට සේවයක් කරන්න හැකි නිසාත් මෙහි දිගටම ඉන්න තමයි ප්‍රොෆාගෙ අදහස. දැනට ප්‍රොෆා රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය (Lecturer) තනතුරක් හොබවනවා. හැබැයි තාමත් ඇත්තටම ප්‍රොෆෙසර් වුනේ නැහැ. ආචාර්ය උපාධියට තාම ඉගෙන ගනිමිනුයි ඉන්නෙ. 

පස්සෙ කාලෙ ප්‍රොෆාට මුළදි මගහැරුණු අවස්ථාවත් උදාකරගන්න පුළුවන් වුනා. ඒ අනුව ප්‍රොෆා පචාස් උපාධි වලට ඉහත සඳහන් කරපු ඒව ඉගෙනගන්න එක වැඩිදුරටත් කරගෙන ගියා. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) වගේ මැත(Computational Mathematics) පැත්තට බර සංකීර්ණ විෂයනුත් බොහොම උනන්දුවෙන් ඉගෙන ගත්ත. iJSER (International Journal of Scientific and Engineering Research) වගේ ජාත්‍යන්තර ඉංජිනේරු විද්‍යා සඟරා වලට යවපු පර්යේෂණ පත්‍රිකා යළි සංස්කරණය කරන්නෙ නැතුවම පළ කරන්න තෝරගෙන තිබුණ. පස්සෙ ප්‍රොෆා IEEE (Institute of Electrical and Electronics Engineers) සංගමයෙ වෘත්තීය ශ්‍රේණියෙ විද්‍යුත් ඉංජිනේරුවරයෙක් (රොබෝ තාක්ෂණය) වශයෙන් සාමාජිකත්වය ගත්ත.

විශේෂඥ උපදේශකයෙක් (Consultant) විදියට  ප්‍රොෆාගෙ සේවය දෙන්න කියල සමාගම් කිහිපයකින්ම ආරාධනා ලැබිල තියෙනව. තාම ඒ ඉල්ලීම්  සලකා බලමිනුයි තියෙන්නෙ. 
සල්ලිවලට දෙන්න කළින් ඒ දේ ඔබට නොමිලෙම දෙන්න පුළුවන්නම්    ප්‍රොෆා වඩා කැමති. මේ උත්සාහය ඒකටයි.

14 comments:

  1. Bohoma sthuthie...obage me sewaya itha ihalin agaya karanwa.meka lankawe AL karala university ekakata yanna inna ayata hugak wadagath wenwa... so,me wade itha kramawathwa digatama karagena yanna labenna kiyala prarthana karwana... jawa wewa..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට.......

    ReplyDelete
    Replies
    1. Plz correct Sinhala name of the UCSC as කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

      Thanks

      Delete
  3. සතුටුයි අහම්බෙන් වුනත් ඔබගේ ‍බ්ලොග් අඩවියට පැමිණිම ගැන

    ReplyDelete
  4. all the best proffa...empty cyber awakaashaye useful blog 1k dakka eka gena maara sathutui....Bokkenma wish karanawa..

    ReplyDelete
  5. We are waiting for your realistic help..

    ReplyDelete
  6. ''සල්ලිවලට දෙන්න කළින් ඒ දේ ඔබට නොමිලෙම දෙන්න පුළුවන්නම් ප්‍රොෆා වඩා කැමති. මේ උත්සාහය ඒකටයි''



    මේ අදහසට මම ඉතාම ගරු කරනව.
    අපි වාගෙ දුප්පත් එව්වොන්ට මේක අමිළ සේවයක් වෙනව.
    තමන්ගෙ රට වෙනුවෙන් මේ වගෙ දෙයක් කරන අය හුඟක් අඩුයි අද කාලෙ ..
    ඔබට මගෙන් සුබ පැතුම් ...

    ReplyDelete
  7. very nice.. creative.. simple... good work keep it up...

    ReplyDelete
  8. Very interesting blog that I have read after a long time. Keep it up

    ReplyDelete
  9. ape prashna bohomayakata pilithuru aththe mehi pamanai.thank u very very much dear mr prof for inventing this site

    ReplyDelete
  10. බ්ලොග් එකකින් හරි ඔබතුමාව අදුන ගන්නේ ලැබුන එක ලොකු සතුටක් .

    ReplyDelete
  11. ''සල්ලිවලට දෙන්න කළින් ඒ දේ ඔබට නොමිලෙම දෙන්න පුළුවන්නම් ප්‍රොෆා වඩා කැමති. මේ උත්සාහය ඒකටයි''

    ලංකවෙ මෙහෙම කියන කෙනෙක් හම්බුනු දෙවනි වතාව.!!! ඉතාම අගයකරනවා ඔබතුමගේ කතාව...!!!!!!!!

    ReplyDelete