Wednesday, September 19, 2012

කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?

ෆේස්බුක් එකට ලොග් වෙච්ච වෙලාවෙ ඉඳල ප්‍රශ්න වලට උත්තර දීල ඉවරයක් නැහැ, ලංකාවෙ විශ්වවිද්‍යාලවල පරිගණක උපාධි පාඨමාලා ගැන. ගොඩක් වෙලාවට මේ ගැන උනන්දු උසස් පෙළ කරල විශ්වවිද්‍යාලෙට යන්න ඉන්න නංගිල, මල්ලිල. දැනටත් කැම්පස් එකේ එහෙම පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙක්නම් එයාට දැනගන්න ඕනි දැන් කරන උපාධිය සම්පූර්ණ කළාම අනාගතය කොයි වගේ වෙයිද, මේ උපාධියට තියෙන පිළිගැනීම, Industry එකේදි මූණ පාන්න වෙන ගැටළු වගේ ඒව. මේ දේවල් වලට උත්තර බඳින්න තමයි මේ සටහනෙන් යත්න දරන්නෙ.

ලංකාවෙ ගොඩක් අය, විශ්වවිද්‍යාල මහාචාර්යවරු පවා හිතාගෙන ඉන්නෙ තොරතුරු තාක්ෂණයයි (IT), පරිගණක විද්‍යාවයි (Computer Science) දෙකම එකයි කියල. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. සරලවම කිව්වොත් පරිගණක විද්‍යාව කියන්නෙ තොරතුරු තාක්ෂණයට වඩා බොහොම පුළුල් විෂය පථයක්. මේ වගේ පාඨමාලාවක් හදාරන්න බොහොම හොඳ විශ්ලේශන හැකියාවන් අවශ්‍ය වෙනව. මේ නිසා උසස් පෙළට ගණිත අංශයෙන්, අඩුම වශයෙන් භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරපු අය තමයි මේ පාඨමාලාවලට තෝර ගන්නෙ. තොරතුරු තාක්ෂණය හැදෑරීම ඕනෑම කෙනෙකුට විවෘතයි.

මෙහෙම මේ දෙක වෙන් කරන්නේ මම නොවෙයි, එහෙම කරන්නෙ තාක්ෂණික විෂයන් (ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව හා පරිගණක විද්‍යාව) පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති නිර්මාණය කරන IEEE ආයතනයෙ ACM කොමිටුව. ඒ වර්ගීකරණය සහ ඒ ඒ උපාධි පාඨමාලා වල අන්තර්ගතය ගැන විස්තර මෙතනින් බාගත කරන්න පුළුවන්.

මේ අර්ථ දැක්වීමට අනුව, පරිගණක ආශ්‍රිත උපාධි පාඨමාලා ප්‍රධාන වශයෙන් 5ක් තියෙනෙව.
1. පරිගණක විද්‍යාව (CS - Computer Science)
2. පරිගණක ඉංජිනේරු විද්‍යාව (CE - Computer Engineering) 
3. මෘදුකාංග ඉංජිනේරුකරණය (SE- Software Engineering)
4. තොරතුරු තාක්ෂණය (IT - Information Technology)
5. තොරතුරු පද්ධති (IS - Information Systems)



(ඔය EE කියන්නෙ Electrical Engineering නේ.)

මේකට අළුතින්ම එකතු වුනු එක තමයි කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), හැබැයි ඒ වගේ උපාධි පාඨමාලා දැනට ලංකාවෙ නෑ. අමරිකාවෙ ස්ටැන්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාලවලනම් තියෙනෙව, ඒත් මේ ළගඳි ඉඳන් තමයි. ඒ පිළිබඳව පශ්චාත් උපාධියක්නම් තියෙනවා, මොරටුවෙ. ආසනම් මෙයින් එකක් කරල එන්නකෝ.

මේවා එකිනෙකට වෙනස් අරමුණු ඔස්සේ දිවෙන, වෙනස් අන්තර්ගතයන් අඩංගු පාඨමාලා බව මේ වාර්තා අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිව වටහා ගන්න පුළුවන්. ලංකාවෙදි මේ ඔක්කොම අනාගෙන නිසා මම කතාකරන්න යන්නෙ පොදුවේ පරිගණක (Computing) උපාධි පාඨමාලා ගැන.

මෙවැනි උපාධි මට්ටමේ පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් 3 ආකාරයකට වර්ගීකරණය කළ හැකියි.
1. සෘජුවම පරිගණක වෘත්තියවේදීන් බිහිකරන උපාධි පාඨමාලා
2. පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස අවශ්‍යනම් තෝරා ගත හැකි උපාධි පාඨමාලා (Join - Major Degrees)
3. සංයුක්ත, එනම් වෙනත් ප්‍රධාන විෂයයක් සමග සමගාමීව පරිගණකකරණය හැදෑරීමට සලස්වන උපාධි පාඨමාලා (Combined Degrees)

පළමු වර්ගයේ උපාධි පාඨමාලා වල ශීර්ෂය ලෙස ලැබෙන්නේ මෙවැන්නක්.
1. පරිගණක  විද්‍යාවේදී  Bachelor of Computer Science - B.C.Sc. හෝ B.C.S. - උදා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC-University of Colombo School of Computing), රුහුණ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව (DCS) විසින් පිරිනමන උපාධිය.
2. විද්‍යාවේදී (පරිගණක විද්‍යා) B.Sc.(Computer Science) හෝ විද්‍යාවේදී (පරිගණක විද්‍යා හා තාක්ෂණ) B.Sc.(Computer Sc. & Technology) උදා. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
3. විද්‍යාවේදී (තොරතුරු තාක්ෂණය) B.Sc. in IT උදා. තොරතුරු තාක්ෂණ පීඨය,මොරටුව වි.වි.
4. තොරතුරු තාක්ෂණවේදී B.I.T.- කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC) හා මොරටුව වි.වි. මගින් පිරිනමණු ලබන බාහිර උපාධිය
5. විද්‍යාවේදී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) -  ව්‍යවහාරික විද්‍යා පීඨය, රජරට විශ්වවිද්‍යාලය
6. කාර්මික තොරතුරු තාක්ෂණවේදී B.I.I.T - ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

දෙවන වර්ගයේ උපාධි පාඨමාලා (Join - Major Degree)

ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හෝ ජීව විද්‍යාව වැනි විෂයක් සමග විද්‍යාවෙදී (B.Sc.) සාමාන්‍ය හෝ විශේෂ උපාධියේ එක් ප්‍රධාන විෂය පථයක් ලෙස හැදෑරිය හැක. පරිගණක දැනුමට අමතරව වෙනත් විෂය දැනුමකින්ද උපාධිධාරියා සමන්විත නිසා මොවුන්ටද හොඳ ඉල්ලුමක් පවතිනව. විශේෂයෙන් කොළඹ (හෝ පේරාදෙණිය) විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව (Statistics & Computer Sc.) හෝ ගණිත (Mathematics) පසුබිමක් සහිතනම් එයාලට වෙනත් පරිගණක උපාධිධාරියෙක්ට ලැබෙන සැලකිල්ලම බොහෝවිට ලැබෙනව.

ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සබරගමුව, රජරට හා වයඹ විශ්වවිද්‍යාලවලත් විද්‍යා හා ව්‍යවහාරික විද්‍යා (Applied Sciences) පීඨවල මේ පාඨමාලා පැවැත්වෙනව.

තුන්වන වර්ගයේ උපාධි (Combined Degrees)

(තුන්වන වර්ගයේ කියන්නෙ සම්මත හැඳින්වීමක් හෝ එහි තත්ත්වය නිරූපණය කරන යෙදුමක් නොවෙයි, හුදෙක් වෙන්කර හඳුනාගැනීමට පමණයි.)

ඉංජිනේරු උපාධියක් ලෙස පිරිනැමෙන පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිවු අවුරුදු උපාධි පාඨමාලා සහ කලමණාකරන විෂයන් සමග ඒකාබද්ධව පිරිනැමෙන මේවාත් සෘජුවම වෘත්තිය පාඨමාලා (Industry Oriented). මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පිරිනැමෙන්නේ විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා උපාධියක් වුවත් එම දෙපාර්තමේන්තුව 'පරිගණක හා ඉංජිනේරු විද්‍යාව' (CSE - Computer Science & Engineering) යනුවෙන් නම් කොට තිබෙන්නේ පාඨමාලාවේ ඉංජිනේරු උපාධියක වගේම පරිගණක විද්‍යා උපාධියක යන ද්විත්වයෙම ගති ලක්ෂණ තිබෙන නිසා. මේක තමයි ඇත්තටම ලෝකයේ පිළිගත් ප්‍රවණතාව (Trend). පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහාත් පරිගණක විද්‍යා විෂයයන් තෝර ගන්න පුළුවන්. උපාධියේ ශීර්ෂය B.Sc.(Engineering).

කැළණිය විශ්වවිද්‍යාලයේ Industrial Management දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT - B.Sc. in Management and Information Technology) පාඨමාලාවත් මේ තුන්වන කැටගරියේ තියෙන්නෙ. මේකත් ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන පාඨමාලාවක්. හේතුව තමයි Industry එකේදි ගොඩක් වෙලාවට පද්ධති හදන්න ඕනෑ ව්‍යාපාරික ප්‍රජාවට. බොහොමයක්ම මෙහෙම පද්ධති ERP Solutions (Enterprise Resource Planning) කියන වර්ගයේ ඒවා. ඒවායෙ මූලික අභිලාෂය ආයතන මට්ටමෙන් මානව, භෞතික හා මූල්‍ය සම්පත් කලමනාකරණය. එතනදි වානිජ්‍ය, ගිණුම්කරණය හා කළමනාකරණ දැනුම විශාල වශයෙන් වුවමනා වෙනවා. මේ වෙනුවෙන් වෙනම දැනුමැති අය බඳවා ගන්නවට වඩා පරිගණක දැනුමත් එක්කම ගන්න තමයි Industry කැමති. ඇයි ලාබයිනේ. වැඩ දෙකයි - පඩි එකයි. අනිත් එක දෙක්කෙනෙක් කියන දේ අනිත් කෙනාට තේරෙන්නෙ නෑ. ඕක මටත් වෙලා තියෙනවා ඔය ජාතියෙ ව්‍යපෘතිවල වැඩ කරද්දි. හොඳම විසඳුම තමයි IT අය වානිජ්‍යය ඉගෙන ගන්න එක. ඒක අනිත් පාඨමාලා හදාරන අයත් දැනගන්න එක හොඳා.

මේවගෙ උගන්නන ඒව ගැන වෙන වෙනම කතාකරන්න වෙලාවක් නෑ.

පරිගණක විද්‍යාව හා පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන අයටනම් කියන්න තියෙන්නෙ පරිගණක විෂයයන් වලට අමතරව
ගණිතය, සංඛ්‍යානය හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව යම් යම් මට්ටම්වලින් ඉගෙන ගැනීමට සිදුවන බවයි.

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පරිගණක විද්‍යාව කිව්වම තනිකරම පරිගණකය ගැන ඉගෙන ගන්නෙ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. බලන්න ඕනිනම් පරිගණක විද්‍යා විශේෂ උපාධියට හදාරන්න පුළුවන් ක්ෂේත්‍ර.
1. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering)
2. පරිගණක ජාලගතකරණය (Computer Networking)
මේ දෙක ගොඩක් පරිගණක වලට සම්බන්ධ ඒවා වුනත්
3. Data Mining and WareHousing
4. ක්ෂුදු ඉලෙක්ට්‍රොනික් විද්‍යාව (Microelectronics)
5. Embedded Systems -  සංයුක්ත පද්ධති (පරිවර්තනය ෂුවර් නෑ) මේක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාවට සම්බන්ධ එකක්. ක්ෂුද්‍රපාලක(Micro-controllers) හා ඒව භාවිත වෙන පද්ධති සැලසුම්කරනය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නෙ.
6. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI)
7. රොබෝ තාක්ෂණය (Robotics) (අවශ්‍යනම් කාර්මික ස්වයංක්‍රීයකරණය Industrial Automation)
8. ජෛව තොරතුරු තාක්ෂණය (Bioinformatics) (අවශ්‍යනම් ජෛව තාක්ෂණය - Biotechnology හා ජාන ඉංජිනේරු විද්‍යාව - Genetics)
කියන ඒව වෙනම පැත්තකට නැඹුරු වුනු ඒවා.

මේ නිසා තමන්ට අවශ්‍යනම් අනාගතයේදි පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයම තෝරා නොගෙන, විකල්ප ක්ෂේත්‍රයකට පියමං කළ හැකියි. (පශ්චාත් උපාධිය සඳහා පරිගණක උපාධියක්ම තෝරාගැනීම අනිවාර්ය නැහැ.)

මේ අනුව ඔබට පහත දැක්වෙන වෘත්තීන් තෝරා ගන්න පුළුවන්.(ප්‍රථම උපාධියෙන් ලබා ගන්න පදනම හා වැඩි දුර (පශ්චාත් උපාධි) අධ්‍යාපනය තුළින්)
කළමනාකරු (Management Positions including IT Manager, GM- General Manager of IT Company) හා වෙනත් පරිපාලන තනතුරු
පර්යේෂණ විද්‍යාඥ (Research Scientist)
විද්‍යුත් ඉංජිනේරු (Electrical / Electronics Engineer)
රොබෝ තාක්ෂණික හෝ යාන්ත්‍රික ඉංජිනේරු (Robotics/Automation/Mechanical Engineer)
ගණිතඥ (Mathematician)
සංඛ්‍යාන විශේෂඥ (Statistics Specialist) 
ජෛව තාක්ෂණවේදී (Bio technologist) 
ජාන ඉංජිනේරු (Genetic Engineer)
හෝ මෙ ඕනෑම විෂයක් පිළිබඳ කථිකාචාර්ය (University Lecturer / Teacher) හෝ 
විශේෂඥ උපදේශක (Consultant).....තවත් ඕනෑ තරම් අවස්ථා.

විශ්වාස නැත්නම් මීට පෙර පළවූ ලිපිය (ප්‍රොෆා කියන්නෙ කවුද?) බලන්න.

තමන්ගෙ ලකුණු මට්ටම, උසස්පෙළට හදාරපු විෂයයන් සහ උනන්දුව දක්වන විෂය පථය මත තෝර ගන්න ඕන පාඨමාලාව ගැන දැන යම් මට්ටමක අදහසක් ඇති.

මේ පාඨමාලාවක් හදාරල අනාගතේදි මොකද වෙන්නෙ කියල සහ
මගෙන් නිතර අහන ප්‍රශ්න වළට පිළිතුරු (Frequently Asked Questions - FAQ) මීළඟ ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.

ගැටළු තියෙනව නම් දාන්න ඊයක්

prof.edu.lk@gmail.com

12 comments:

  1. එකක් මිස් වෙලා Business Information Systems- ව්‍යාපාර තොරතුරු පද්ධති උපාධිය -ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා,එකත් IT+Management degree ekak .දෙන්නේ ජපුර කළමනාකරණ පීඨයෙන්.අලුත් degree එකක් .දන්නා විදියට ඒකට ඉල්ලුම් කරන්න පුළුවන් උසස්පෙළ වාණිජ හදාරපු අයට.
    මේකෙන් ගිහින් බලන්න
    B.Sc. Business Information Systems (Special) Degree
    http://www.sjp.ac.lk/fmsc/it/degrees.html

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම ගැන ස්තුතියි.......

      Delete
  2. I also have some question. I now follow MIS degree (UGC Approved) at NIBM. I had to choose Art for A/L. That's the reason I couldn't enter a university to follow a computer science or engineering degree though I love it very much. My question is, is my degree equal to a UGC-funded university degree that allows students to do further studies in computer science/electronic engineering fields? No one is there to advise me in electronics/engineering field. If my degree isn't equal, then, which fields I've to study additionally in?

    ReplyDelete
    Replies
    1. Although as a FUTA member I do not encourage private education, I have to mention that there are few reputed semi- government/private educational institutes such as NIBM, SLITT and IIT those who try their best to maintain the quality of degree they offer. Without any hesitation, ur degree will be a valid one among private sector. But frankly, that is not equal to any government uni degree in same domain (IT/CS/Eng.). Surely, the foundation for electronics will not be laid by this particular course. This is somewhat in nature of a combined degree (computing + Management). You have to follow an another course such as City & Guids, Edexcel..etc. if you want to improve ur electronics knowledge. I cannot mentioned names of institutions those who offer them on this public blog. Coz anyhoe they r business oriented institutions ne?

      Delete
  3. සබරගමුව විශ්වවිද්‍යාලෙයෙන් දෙන Computing & Information System degree එක ගැන පොඩ්ඩක් කියන්න ඒක කලොත් JoB තියේවිද කියලත් කියන්න පුලුවන්ද? වැඩි විස්තර http://www.sab.ac.lk/app/dep-it.htm

    ReplyDelete
  4. great work sir...

    ReplyDelete
  5. B.Sc.(Computer Sc. & Technology) ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය කරන එකද physical යන එකද මේ දෙකෙන් කෝකද වඩා හොද

    ReplyDelete
    Replies
    1. Sir... Puluwan nm mekata answer ekak dennaaaaaaaa...........!!!!!!

      Delete
    2. ade matath oya prashnemai bn thiyenne IT karoth job ekk sure eth uwa wellasse gihin gann gn nathiweida kiyana eka sakai

      Delete
  6. මම 2018 AL විභාගයට ජීව විද්‍යා අංශයේන් පෙනී සිටින අයෙකි. මුලින් මා විසින් භෞතික විද්‍යාව හැදෑරූ නමුත් එය මට ඉතා අසීරු විෂයක් විය. එම නිසා පසුව මා ICT විෂය තෝරා ගතිමි. O/L ICT සඳහා A සාමාර්ථයක් ඇති අතර ඉන් ලද මූලික දැනුම ආධාරයෙන් ⁣වර්තමානයේ කිසිදු ගැටලුකාරී තත්ත්වයකින් තොරව මා අධ්‍යන කටයුතු වල යෙදි සිටිමි. මාගේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට කිසිදු කැමත්තක් නැති අතර පරිගණක,මෘදුකාංග..... අංශයේ පාඨමාලා සඳහා දැඩි කැමත්තෙන් පසුවෙමි..
    නමුත් ජීව විද්‍යා විශය සමඟ ICT හැදැරීම නිසා මා හට පරිගණක අංශයේන් විශ්ව විද්‍යාල පාඨමාලා හැදෑරිමට නොහැකි වන බව බොහෝ දෙනෙක් පාහේ ප්‍රකාශ ක⁣ලහ. ඔවුන් එසේ පවසන්නේ කුමන පදනමකින් යුතුවද??
    Bio කරන්නන්ට ict අ කැපද? ������

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete