දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර.
"අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?"
සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්. කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) මොන වගේද කියල Simulate (සමාවෙන්න. ගැලපෙන සිංහල වචනෙ දන්නෙ නෑ. Virtual Reality - අතත්‍ය යථාර්තයද මොකද්ද කියල කියනව) කරල බලන්න පුළුවන්.
"අයියෝ මල්ලි මගේ ගාව තියෙන්නෙ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ පාවිච්චි කරපු රජ කාලෙ වර්ෂන් එකක්නෙ. දැන් අවුරුදු 7ක් විතර පරණයිනෙ. ඒ මදිවට වෛරස් ගාර්ඩ් කාරය ඒකෙ ක්‍රැක් එකත් කාලා. මොන වගේ වැඩකටද...?"
"කමක් නෑ එහෙනම්. මේ පොඩි වැඩකට. කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට."
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න කීපයකට විසඳුම් අහගත්ත මිනිහ යන්න ගියා.
* * * * * * * * * * * * * * * *
මම විශ්වවිද්‍යාලයෙ උගන්වන්නෙ විද්‍යා පීඨයෙ වුනත් ඉංජිනේරු පීඨයෙ සෑහෙන ළමයි පිරිසක් මම අඳුනනවා.
එහෙම කෙනෙක් ළඟදි ආව මාව මුණ ගැහෙන්න. ඔය ආගිය කතා අතරෙ මෙහෙම කතාවකුත් ඇදුනා.
"සර් මේ ළඟද ඉන්නෙ...?"
"ඔව්නෙ. කැකණදුර. ඇයි දන්නවද ඒ හරිය..?"
"නෑ. සර් උදිත අතුකෝරල දන්නවද...?"
"ඔව්. දන්නවා. අපේ ගෙවල් ළඟ. අර සාගර විශ්වවිද්‍යාලෙ ඉන්න හාදයනෙ...?"
"මිනිහ පට්ට වැඩ්ඩෙක්නෙ. මිනිහ සබ්මැරීන් එකක් හදල දැන් මාර ප්‍රසිද්ධයි...."
"නෑ...!" මට පුදුම හිතුණා. මෙච්චර එකක් වෙලත් මම හාංකවිස්සියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ.
ඕක තමයි කියන්නෙ ගමේ පුහුලන් ගමට අගේ නෑ කියල.
නොදන්න අයට දැනගන්නයි කියන්නෙ. මේක සරල වැඩක් වගෙ පෙනුනට ගොඩක් අමාරු අභියෝගයක්.
විෂේශයෙන්ම මුහුදු වතුරෙ ඝනත්වය වැඩියි. මුහුද යටදි පීඩනය දරාගන්න විදියට කුටියක් නිර්මාණය කරනව කියන එක පහසු කටයුත්තක් නොවෙයි. සමහර වෙලාවට පීඩනය වර්ග අඟලට ටොන් ගණනක් වෙන්නත් පුළුවන්. පොඩි හරි නොසැලකිළිමත්වීමකින් දුර්වල තැනකින් වතුර කාන්දු (leak) වෙන්න පුළුවන්.
අනිත් එක තමයි මේ තාක්ෂණය හරිම දුර්ලභයි. කිමිදෙන්න සහ ආපහු උඩට එන්න පාවිච්චි කරන්නෙ ටැංකි වලට වතුර පුරවගන්න එකයි ආපහු හිස් කරන එකයි. මේකත් ගොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. අධි පීඩන වායු තමයි හිස්කරන්න යොදාගැනෙන්නෙ.
මීට අමතරව ඇතුළෙ ඉන්න අයට ස්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුම ගැනත් හිතන්න වෙනවා.
කෙනෙකුට ගොඩක් සරලයි වගෙ පෙණුනට මේව බොහොම භාරදූර වැඩ. පොඩි හරි වැරදීමකින් ඇතුළෙ ඉන්න කාර්ය මණ්ඩලයට අනතුරක් වෙන්න පුළුවන්.
ඉතින් මේ අභියෝගය සාර්ථකව ජයගත්ත අපේ උදිත මලයට මගේ උණුසුම් සුභ පැතුම්.
අපේ රටට තවතවත් ඕන මේ වගෙ අළුත් දේවල් කරන මොළ. එහෙම අය ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් විදියට හැඟුණු නිසයි මේ සටහන. අනිත් එක රට වටේටම මුහුද තිබුණත් අපේ රටේ සාගර සම්පත් ගවේශනය තියෙන්නෙ තවමත් ඉතා අසතුටුදායක තත්වයක.මේ වගේ අඩුවියදම් දේශීය තාක්ෂණික උපක්‍රම භාවිත කරනවනම් අපිට එයින් ගොඩ එන්න සුළු හරි රුකුළක් ලැබෙයි කියල හිතෙනව.
ප.ලි. මේක දැනට සෙමි-සබ්මැරීන්, ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම ගිලී නොයන මට්ටමේ තියෙන්නෙ. ඒ වුනාට උදිතට අවස්ථාවක් දෙනවනම් සම්පූර්ණයෙන්ම ගිලෙන මාදිලියෙ එකක් වුනත් හදන්න අවශ්‍ය කරන දැනුම තියෙනව කියල මට හොඳට විශ්වාසයි.
ලංකාව වගේ රටක, මේ වගේ නව නිර්මාණවලට පොඩ්ඩක්වත් අත හිත දෙන ආයතනවත්, මිනිස්සුවත් නැහැ.
ReplyDeleteඕය දේම චීනෙන් ගෙන්වනවනං ඒකට ණය දෙන්න, මූල්‍ය පහසුකම් දෙන්න බැංකු, ලීසිං කොම්පැණි පෝලිමේ එනව.
උදිතගේ නිර්මාන වෙනුවෙන් සයිබර් අවකාෂයේ අයට බැරි වෙයිද අයියේ එකතු වෙලා මොකුත් කරන්න?
Deleteලංකාවේදී ඔහුට ඉදිරියට යන්න අවස්ථාවක් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. එහෙම බැරි වුනොත් රට අමතක කරලා තමන්ගේ දියුණුව ගැන හිතන ඒක ඔහුගේ අයිතිය.
ReplyDeleteලංකාවේ නව නිර්මාණ ප්‍රදර්ශන මහා පාරේ තියන්න වෙලා තියෙන්නේ! එහෙව් තැනක මේ වගේ දේකට උදව් දෙයිද?
ReplyDeleteසාගරේ ඉගෙනගත්ත එකෙක් විදියට මම උදිත මල්ලිගෙ ජයග්‍රහනය ගැන හදවතින්ම ආඩම්බර වෙනව.
ReplyDeleteමේ නිර්මානය තව දුරටත් දියුනු කරගන්න උදවු දීමක් කෙසේ වෙතත් අඩුම ගානෙ මේ සබ්මැරීනය එහෙම පිටින්ම මුහුදෙ ගිල්ලල දාන්න කට්ටිය කටයුතු කොකර හිටියොත් ලොකු දෙයක්. මම මේ විහිලුවට නෙමේ කියන්නෙ . . . අත්දැකීමෙන් . . . ලංකාවෙ පලවෙනි ඔන්බෝඩ් ෆ්‍රීසිං ප්ලාන්ට් එක සවි කරපු සාගරේට අයත් බහුදින යාත්‍රාවට වෙච්චදේ දැකපු නිසා
උදිතගේ නිර්මානය සාර්ථක වේවා. ඔහුගේ දැනුමෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන්න ඔහුට වාසනාව උදා වේවා . .
ReplyDeletewe are realy proud about you uditha ayya....best of luk for u great future...
ReplyDeleteදක්ෂතාවයට සුභ පතමි.
ReplyDeleteහැකියාවට නිසි වටිනාකමක් ලැබුනොත් හොදයි.