Wednesday, October 30, 2013

ස්පෙෂල් කරන එක ගැන මොකද හිතන්නේ...?

"ස්පෙෂල් කරන එක ගැන සර් මොකද හිතන්නේ...?" මේ දවස්වල මට නිතරම අහන්නට ලැබෙන ප්‍රශ්නයක්.

හැම විශ්වවිද්‍යාලයකම වගේ දෙවන (අවසන්) සෙමෙස්තරය අවසන් වේගෙන යන මේ කාලේ ඔය ප්‍රශ්නය ඇතිවෙන්නෙ දැනට 3 වෙනි වසරෙ ඉගෙනුම ලබන අයට.

ස්පෙෂල් (Special) කියන්නේ සිවු අවුරුදු විශේෂ උපාධිය නේ. අවුරුදු 3න් උපාධිය සම්පූර්ණ කරලා රස්සාවක් හොයාගෙන ඉක්මනට පරස්තාවකුත් කරගන්න එක හොඳයි කියලා තමයි මේ ගැන බහුතර මතය.

මේ අදහස කොච්චර අපේ සමාජයේ මුල් බැහැලා තියෙනවද කියන එකට හොඳ උදාහරණයක් මම සේවය කරන සරසවියේ මගේ සහය ආචාර්යවරයෙක්ගෙන්ම ලැබුණා.

දෙවන පෙළ ඉහළ (2nd Upper Honours) ගෞරව උපාධියක් හිමි (උපාධිය ගෞරව (Hons.) උපාධියක් වෙන්න හදාරන කාලය අදාල වෙන්නෙ නෑ. අවම වශයෙන් දෙවන පෙළ පහළ (2nd Lower)පන්ති සාමාර්ථයක් සහිතව සමත් වීම, ඒ කියන්නෙ GPA අගය 3.0 ඉක්මවීම ප්‍රමාණවත්.) 

මෙයා පශ්චාත් උපාධියකට ඉල්ලුම් කරන්න මගෙන් උපදෙස් ගන්න ආවම තමයි මම දැනගත්තෙ එයා අවුරුදු 3න් උපාධිය හැදෑරීම නවත්වලා කියා.

මම "ඇයි එහෙම කළේ..?" ඇහුවම කියපු කතාව තමයි මේ.

"ඉතින් සර් ෆෝ(ර්) ඉයර් ස්පෙෂල් කළා කියල මහලොකු වෙනසක් නෑනේ...? මම අහපු හැමෝම කිවුවේ නිකං අපරාදේ අවුරුද්දක් වැඩිපුර කරන එක අපරාදේ කියල."

"අපරාදෙ තමයි ඔයා වගෙ දක්ෂ කෙනෙක් ස්පෙෂල් නොකළ එක. දන්නවද ස්පෙෂල් කළාම තියෙන ස්පෙෂල් වාසි..?"

"නෑ සර්....!"

මෙන්න ඒවා:

1. කවදහරි ආචාර්ය මණ්ඩලයට බැඳිලා කථිකාචාර්යවරයෙක් (Lecturer) විදියට සේවය කරන්න අදහසක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම විශේෂ උපාධිය (Special Degree) සම්පූර්ණ කළ යුතුයි. 

රජයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් වීමට අවම සුදුසුකම තමයි එක් අවුරුදු ශාස්ත්‍රීය පර්යේෂණයක් (Research) සමඟ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක් හදාරා තිබීම. මෙහිදී ප්‍රථම පන්ති (1st Class Honours) හා දෙවන පෙළ ඉහළ (2nd Upper Honours) පන්ති සාමාර්ථයක්ද බොහෝ විට අවශ්‍ය වනවා.

නැතිනම් ඔබට සිදුවන්නේ උපදේශක (Instructor) විදියට සේවයට එක්වීමට. නමුත් මෙහි තිබෙන අවාසිය තමයි සාපෙක්ෂව වැටුප අඩු වීම (ආරම්භක වැටුප ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුපෙන් අඩක් පමණ.) සහ උසස්වීම් ලැබීමට අපහසු වීම. 

ආධුනික (පරිවාස-Probation) කථිකාචාර්යවරයෙක් වසර 8ක් තුළ ඔහුගේ හෝ ඇයගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ විට ජෙය්‍ය්ෂ්ඨ කථිකාචාර්ය (Senior Lecturer) ධූරයට උසස්වීමක් ලබනවා. ඒ පශ්චාත් උපාධිය Ph.D.(Doctor of Philosophy /D.Litt.(Doctor of Literature) /D.Phill. (Doctor of Philosophy) එකක්නම් ඔහු හෝ ඇයගේ නමට ඉදිරියෙන් ආචාර්ය (Dr.) පට්ට්මක්ද වදින බව දන්නවා ඇතිනේ. අධ්‍යයන අංශ ප්‍රධානී (Department Head), පීඨාධිපති (Dean) හා උපකුලපති (Vice-Chancellor) තනතුරු සඳහා සලකා බැලීමට අවම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය ජෙය්‍ය්ෂ්ඨ කථිකාචාර්යවරයෙක් වීම. මේ සඳහා ඔහු හෝ ඇය අධ්‍යයන අංශයේ සාමාජිකයෙක් (Academic) වීම අත්‍යවශ්‍යයි. උපදේශක (Instructor) සහ ජෙය්‍ය්ෂ්ඨ උපදේශක (Senior Instructor) අයත් වන්නේ අධ්‍යයන සහ අනධ්‍යයන අතරමැදි (Intermediate) තනතුරක් වන අධ්‍යයන සහයක (Teaching Assistant) වර්ගීකරණයටයි.

පශ්චාත්-ආචාර්ය (Post-Doctoral) පර්යේෂණයක් සමඟ වසර 12 සේවා කාලයක් සම්පූර්ණ කළවිට ඔහු හෝ ඇය මහාචාර්ය (Professor) පදවිය සඳහා අවම සුදුසුකම් සපුරාලනවා. අධ්‍යයන අංශයේ (academia) උපරිමය ජෙය්‍ය්ෂ්ඨ මහාචාර්ය (Senior Professor).

නමුත් ගොඩක් දෙනෙකුට ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න වෙන්නෙ නැති නිසා විශේෂ උපාධියක වෙනත් වාසි අපි මීළඟට සලකා බලමු.

2. පශ්චාත් උපාධියක් (Post Graduate Degree) හැදෑරීමට ඉල්ලුම් කිරීමේදී ප්‍රමුඛතාවය (Priority) ලැබීම.

ඔබට සිවු අවුරුදු විශේෂ උපාධියක් (පන්ති සමාර්ථයක්ද හිමිනම් වඩාත් අගෙයි.) හිමිනම් ප්‍රථම උපාධියෙන් පසුව සෘජුවම පශ්චාත් උපාධිය ඒ සඳහා පහසුකම් සපයන විශ්වවිද්‍යාලයක ලියාපදිංචි විය හැකියි. උසස් තත්ත්වයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් (විශේෂයෙන්ම දැඩි ඉල්ලුමක් ඇති තරඟකාරී පාඨමාලාවක් නම්) හැදරීම සඳහා ඉල්ලුම්කරුවන් සලකා බැලීමේදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ සිවු අවුරුදු උපාධිධාරීන්ට. 

නැතිනම් අවම වශයෙන් උපාධියෙන් පසු වසරක (බොහෝ විට වසර දෙකක.) පූර්ණ කාලීන රැකියා පළපුරුද්ද (Professional Experience) අවශ්‍යයි. නමුත් මේ සඳහා ඔහු හෝ ඇය නිරත වූ රැකියාවේ ස්වභාවය හා සේවා යෝජකයා (රැකියාව සපයන ආයතනය) ද පිළිගත හැකි එකක් (Recognized) විය යුතු වනවා.

ඔබට සිවු අවුරුදු උපාධියේ ප්‍රථම පන්ති (අවම වශයෙන් දෙවන පෙළ ඉහළ) ගෞරව සාමාර්ථයක් හිමි නම් ශාස්ත්‍රපති(Master of Arts - M.A.)/විද්‍යාපති(Master of Science M.Sc.) හෝ දර්ශනපති(Master of Philosophy - M.Phill.) උපාධිය මගහැර සෘජුවම ආචාර්ය උපාධිය හැදෑරිය හැකියි. නමුත් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සනාථන මණ්ඩලයේ (Senate) අනුමැතියද හිමිවිය යුතුයි.

3. ඔබ බුද්ධිමය වෘත්තිකයෙක් (Intellectual) ලෙස විදේශ රැකියාවකට ඉල්ලුම් කරනවිටත් (ඒ ඒ රටවල විදේශ ප්‍රතිපත්තියට අනුකූලව) ප්‍රමුඛතාවය හිමිවන්නේ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධිධාරී වෘත්තිකයින්ටයි.

මේ ප්‍රමුඛතාවය හිමිවන අවස්ථා කිහිපයක් පමණයි.
මේ කතා ටික කියල ඉවරවුණාම මගේ සහය ආචාර්යතුමාගේ ඇස් උඩ ඉන්දුනා.

"අපරාදේ. මට සර් හම්බෙන්න තිබුණේ මීට කළින්...!"

ඉතින් තවදුරටත්, තුන් අවුරුදු හා සිවු අවුරුදු උපාධිය එකම වටිනාකමෙන් යුක්තයි කියා ඔබ සිතනවනම්, එය ඔබේ කැමත්තක්.
නමුත් පෞද්ගලිකව මට දෙන්න පුළුවන් අවවාදය තමයි අවස්ථාවක් ලැබෙනවනම් අනිවාර්යයෙන් සිවු අවුරුදු උපාධිය හදාරන්න. විශේෂයෙන් ඔබේ GPA අගය 3.00 ට වඩා වැඩිනම්.

20 comments:

  1. ව්ටිනා තොරතුරු සරලව සිංහලෙන් - ස්තූතියි!

    ReplyDelete
  2. ප්‍රථම උපාධියෙ පන්ති සාමාර්ථයක් නැතත්, විද්‍යාපති (MSc) සම්පූර්ණ කළාම ඒක (පරිවාස) කථිකාචාර්ය පදවිය ලබන්න සුදුසුකමක්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය සාමාර්ථයක් නම්, කණගාටුයි. ප්‍රායෝගිකව ඉතා අසීරුයි. මොකද පශ්චාත් උපාධියක් තිබුණත් ලංකාවේ ක්‍රමයට අනුව ප්‍රමුඛතාවය හිමිවන්නේ ප්‍රථම උපාධියේ පන්ති සාමාර්ථයටයි. අවම වශයෙන් දෙවන පෙළ පහළ සාමාර්ථයක් හෝ තිබේනම් සලකා බැලෙනු ඇති. විද්‍යාපති උපාධියක් හදාරනවානම්, එහි ක්‍රෙඩිට් ගණන පිළිබඳව සැලකිළිමත් වන්න. අවම වශයෙන් එය 60ක් විය යුතුයි. එහි අවම වශයෙන් ක්‍රෙඩිට් 15 ක පර්යේෂණ ව්‍යාපෘතියක්ද අනිවාර්යෙන්ම අන්තර්ගතවිය යුතුයි. නැතිනම් එය සුදුසුකමක් ලෙස ගණන් ගැනෙන්නේ නෑ. අදාල චක්‍රලේඛය ඔබට suneth@dcs.ruh.ac.lk වෙත විද්‍යුත් ලිපියක් යොමු කිරීමන් ලබා ගත හැකියි

      Delete
  3. Meeke anthima hathuwa waradii. anik ratawala nam mama danne nee, eth Australia wala nam 3 years 4 years kiyala wenasak nee. dekatama salakanne ekama widiyata

    ReplyDelete
  4. very valuable information.

    4 year special degree is a must to do a PhD here in the US.
    If you have only 3 year degree you have to do 2 year M.Sc degree before you go for a PhD.

    ReplyDelete
    Replies
    1. eth lankawe 4 year karata samahara welawata msc ekath karannamone usa wala

      Delete
  5. Special kala kiyala wadak ne..Kohoma hari English tikak hada gaththoth job ekakata yanna puluwan..Lecturer kenek unath mokatada ratatama boru karala ..Gottala allala tamai jiwath wenna wenne..

    ReplyDelete
    Replies
    1. ඔබට අපූරු පිළිතුරක් දීලා තියෙනවා දමිත් මහත්මයා (පහළින්). මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා.

      Delete
  6. උපාධිය මුදලින් වටිනාකමක් දෙන්න බැ.ස්පෙශල් එකට ඉටත් එහා.ලන්කාවෙ ක්‍රමෙට තමයි උපාධිය සල්ලි හම්ම්බ කරන උපකරනයක් හැටියට සලකන්නෙ.
    හය හතර

    ReplyDelete
  7. දැනුවත් කිරීම ගැන මාගේ ස්තුතිය

    ReplyDelete
  8. Credits 60 k thiyena Msc monawada thiyenne? ewa thiyena university tikakuth kiyanna puluwanda? IT paththe tikak?

    ReplyDelete
  9. Special ස්තූතිය මගෙන්.. දැනුවත් කිරීම පිළිබදව

    ReplyDelete
  10. Prof...waidyapathi upadhiyaka credit ganana 30k weema pamanawath. lankawe danata ihalama piliganeema thibe widyapathi upadhiyath ehemayi. 4 year degree eka gana kiyanawa nam...boho 4 year degree gathipu aya job walata yanawa. Namuth M.S ekek ganna mahansi wenawa aduyi eeta passe. Eth 3 year kala aya godak welawata M.Sc ekak karanawa 3 year ekak madi nisa. Eth australiyawa urropeeya ratawal arennata boho rata walin PhD ekak sada M.S ekak balanawa. USA nam M.S + P.hD denawane. Namuth dan thibena gataluwa uropaye boho shishyathawa EU ekata seema weema. Australiyawa nam AU NZ walata seema weema. Enisa mama nam kiyanne 3/4 year moka kalath M.S ekak labaganeema aniwaryayi.

    ReplyDelete
  11. ඔබේ කතාව ගැන කිවයුතු දෙයක් තිබෙනවා. අද බොහෝ විශ්විද්‍යාල වල පරිපාලනයේ සිටින්නේ සිව් අවුරුදු උපාධි ගත්, ගවුරව උපාධි ගත් අය. ඔබේ විශ්ව විද්යාලෙම ඉතා හාස්‍යජනක සිද්දියක් මම දුටුවා. ජ්‍යාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා 15 සහ ජ්‍යාත්‍යන්තර සමුළු 16 කදී පර්යේෂණ එළිදක්වීම් කරපු දක්ෂ තරුණ ආචර්ය උපාධි දරියෙක් ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට පර්යේෂණ පත්‍රිකා 3ක් පමණක් කරපු ප්‍රථම පෙළ උපාධියක් ගතිපු ආචාර්ය උපාධි දරිනියක් බදවා ගත්ත. මේවගේ මුග්ධ සිතිවිලි බොහෝවිට උගත් යයි සම්මත ස්ම්නජයේත් තිබෙනවා. දක්ෂ පර්යේෂයෙක් තමයි කථිකාචාර්ය වරයෙක් විය යුත්තේ. එසේ නොමැති වුනොත් දැන් ඉන්න කථිකාචාර්ය වරු වගේ ලෝකේ වෙනත් රටක රැකියාවක් කිරීමට අකමැති රැකියාවේ නිදහස බලාගෙන එන අය පමණක් තියාගෙන අපිට ඉස්සරහට යන්න බැහැ. බලන්න අපේ විශ්ව විද්‍යාල වල කිසිම මහාචාරවරයෙක් 5න් පස්සේ විද්‍යාගාරය ඉන්නවද ? තාක්ෂණ නිළධාරීන ඕනේ විදියටයි ශිෂයෝ වැඩ කරන්න වෙලා තිබෙන්නේ. මෙය මගහැරීමට නම් ප්‍රථම උපාධියේ පන්තිය විතරක් නොබලා , ජ්‍යාත්‍යන්තර මට්ටමේ පර්යේෂකයෝ පමණක් බඳවාගන්න ඕනේ. එසේ නැතිව පර්යේෂණ පත්‍රිකා 2-3ක් තිබෙන අය ප්‍රථම පන්තියේ උපාධි ගත් පමණින් බද්වගනීම නැවත දැම්මන ඕනේ. පන්තිය නොවෙයි වැදගත් . පර්යේෂණ එළිදැක්වීමයි පේටන්ට් කිරීමයි වැදගත්. සිසුන්ට නිවැරදි මග පෙන්වාදෙන්න ඔබ.

    ReplyDelete
  12. MR prof please please please tell me .mama uva wellassa university eke science and technology karanna select wela inne eka 4 year degree ekak mama mechatronics specialise karranna balaporoththu wenawa 4 year iwara wela mata USA wage rataka wadi dura adyapanayata scholarship ekak wge ganna puluwan weida ?ehema puluwanam mokakada e sadaha awashya sudusukam please reply

    ReplyDelete
  13. dear mr prof mama me awurudde uva wellassa university eke science and technology cause eka hadaranna balaporoththu wenawa obathuma e cause eka gana mokada hithnne e cause eka hodda?ehe eka uganwanna hoda professors la innawada eka hadaruwoth massechussets institute of technologies wage university ekaka higher studys walata athulath wiya hakida?????? e cause eka gana obathuma mokada kiyanne please prof mage me dawena prashnayata please pilithurak denna .e cause eka bio science degree ekakata wada hodada narakada please prof mata pilithurak denna

    ReplyDelete
  14. ස්ලිට් එකේ ස්පෙශල් ඩිග්‍රි තියනවා. හැබැයි ඒකේ අවුරුදු තුනේ එකයි අවුරුදු හතරේ ස්පෙශල් එකයි වෙනමම දෙකක්. පෞද්ගලික විශ්වවිද්‍යාලෙක නම් බැලුවොත් අවුරුද්දක් වැඩියෙන් කරන්න ලක්ශ 2ක් විතර යනවා. ස්ලිට් එකේ ස්පෙශල් එක නම් හොඳයි වගේ.

    ReplyDelete
  15. When selecting graduates for government executive positions (such as Assistant Government Analyst, Medical Physicist, Meteorologists...etc in Sri Lanka Scientific Services), priority will be given to special degree holders. In some cases a general degree with a post graduate degree may be considered. But in many occasions, a general degree will not be considered.

    ReplyDelete